ප්‍රධාන අඝාත වර්ග දෙකක් ඇත. ඒවා නම්, ඉස්කීමික් ආඝාතය (Ischaemic stroke) සහ හෙමරොජික් ආඝාතය (Haemorrhagic stroke) වේ. මේවා මොලයට විවිධාකාරයෙන් බලපාන අතර මේ සඳහා විවිධ හේතු බලපායි.

ඉස්කීමික් ආඝාතය

ඉස්කීමික් ආඝාතය වඩාත් පොදු ආකාරයේ ආඝාතය වේ. රුධිර කැටියක් මඟින් මොලයට රුධිරය සහ ඔක්සිජන් ගලායාම අවහිර වූ විට මෙම තත්වය ඇතිවේ. ප්ලැක්ස් ලෙස හැඳින්වෙන මේද තැන්පතු මඟින්, කාලයත් සමඟ ධමනි පටුවී ඇති ප්‍රදේශ වල හෝ අවහිර වී ඇති ස්ථාන වල මෙම රුධිර කැටි සාමාන්‍යයෙන් ඇති වේ. මෙම ක්‍රියාවලිය අතරෝස්ක්ලෙරෝසිස් (Atherosclerosis) ලෙස නම් කෙරේ. ඔබ වයසට යනවාත් සමඟම ධමනි ස්වභාවිකව පටු විය හැක. නමුත් සමහර දේවල් මඟින් අවදානම් ලෙස මෙම ක්‍රියාවලිය වේගවත් කලහැක. මේවාට ඇතුළත් වන්නේ:

ඉස්කීමික් ආඝාතය ඇතිවිය හැකි තවත් හේතුවක් වනුයේ, අසාමාන්‍ය ලෙස හර්ද ස්පන්දනය වීමය. මෙය ඒට්‍රියෙල් ෆිබ්‍රිලේෂන් (Atrial fibrillation) ලෙස හැඳින්වේ. හදවතේ ඇති රුධිර කැටි කැඩී හදවතින් ගැලවී මොලයට රුධිරය සපයන රුධිර වාහිනී වල තැන්පත්වීම මෙයට හේතුවක් වේ.

හෙමරොජික් ආඝාතය

හෙමරොජික් ආඝාතය.- සෙරිබ්‍රල් හෙමරේජස් (Cerebral haemorrhages) හෝ ඉන්ට්‍රක්රේනියල් හෙමරේජස් (Intracranial haemorrhages) ලෙස ද හැඳින්වේ. මෙය ඉස්කීමික් ආඝාතයට වඩා දුර්ලභ වේ. හිස් කබල ඇතුළත රුධිර නාලයක් පුපුරා යාම නිසා මොළය ඇතුලට සහ වටේට ලේ ගැලීම මඟින් මෙය ඇතිවේ. හෙමරොජික් ආඝාතය සඳහා ප්‍රධාන හේතුව වනුයේ අධි රුධිර පීඩනයයි. එමගින් මොලයේ ධමනි දුර්වල කර බෙදීමට හෝ පිපිරීමට දායක වේ. අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරන දේවල් වලට පහත දේ ඇතුළත් වේ:

  • අධිබර හෝ තරබාරු වීම
  • අධික ලෙස මත්පැන් පානය කිරීම
  • දුම්පානය
  • ව්‍යායාම හිඟවීම
  • තාවකාලිකව රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි මානසික ආතතිය

බැලුනයක් වැනි පුළුල් වූ රුධිර වාහිනියක පිපිරීමක් බ්‍රේන් ඇනියුරිසම් (Brain aneurysm) හෝ අසාමාන්‍ය ලෙස මොලයේ ඇති වූ රුධිර වාහිනියක ප්‍රතිඵලයක් ලෙස මෙම හෙමරොජික් ආඝාතය ඇතිවිය හැක.

ආඝාතය ඇතිවීමේ අවදානම අඩු කිරීම

ඔබගේ මෙම තත්වයේ අවදානම වැඩිවීමට බලපෑ හැකි පහත සඳහන් වන තත්ත්ව වෙනස් කල නොහැකි නිසා ආඝාතය සැදීමෙන් සම්පුර්ණයෙන් වැළකීම අපහසුවේ:

  • වයස -අඝාත වලින් 1/4 (කාලක්) පමණ බාල වයස් වලදී ඇතිවිය හැකි වුවද වයස 65ක් ඉක්මවුවා නම් ඔබට ආඝාතය ඇතිවීමට වඩා ඉඩ ඇත
  • පවුල් ඉතිහාසය - සමීප ඥාතියෙකුට (මාපිය, ආච්චිලා සීයලා, සොහොයුරා හෝ සොහොයුරිය) ආඝාතයක් ඇති වුයේ නම්, ඔබේ අවදානම වැඩි විය හැක
  • ජන වාර්ගිකත්වය - දියවැඩියාව, අධි රුධිර පීඩනය මෙම කාණ්ඩ වල ඉහල මට්ටමක පවතින බැවින් ඔබ දකුණු ආසියාතික, අප්රිකානු හෝ කැරිබියන් වර්ගයේ නම්, ඔබට ආඝාතය වැඩිවීමේ අවදානම වැඩිවේ
  • ඔබගේ වෛද්‍ය ඉතිහාසය - ඔබට කලින් ආඝාතයක් ඇතිවී තිබේ නම් ට්‍රාන්සියෙන්ට් ඉස්කීමික් ඇටෑක් TIA හෝ හර්දයාබාධයක් ඇති වී තිබේ නම් ඔබට අඝාතය ඇතිවීමේ අවදානම වැඩි වේ

කෙසේ වෙතත්, අතරෝස්ක්ලෙරෝසිස් හා අධි රුධිර පීඩනය වැනි ගැටළු වළක්වා ගැනීම සඳහා ජීවන රටාව වෙනස් කිරීම මගින් ආඝාතය ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වේ. ඔබට අවිධිමත් හෘද ස්පන්දනයක් ඇති යැයි ඔබ සිතන්නේ නම් ද වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. මෙය ආඝාතය ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි ඒට්‍රියෙල් ෆිබ්‍රිලේෂන් වල ලක්ෂණයක් විය හැකිය.